ජනමධ්යවවේදීන්ට නොමිලේ ඇස්කණ්ණාඩි ලබාදීමේ ශ්රමවසනා අක්ෂි සායනය කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වසනා අරමුදල අනුග්‍රහයෙන් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාද්‍ය අමාත්‍යාංශය සහ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් මාර්තු මස 14 වන දින (අද ) ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පෙවැත්වේ. ශ්‍රම වසනා සතිය නිමිති කරගෙන කම්කරු හා වෘත්තිය සමිති සබදතා ඇමති ඩබ්ලිව් .ඩි.ජේ. සෙනවිරත්න මහතාගේ උපදෙස් අනුව මෙම වැඩමුලුව සංවිධානය කරඇත. මෙම අක්ෂි සායනය ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය සඳහා පැවැත්වෙන අතර සියලු මාධ්‍යවේදීන්හට මෙම සායනය සඳහා සහභාගී විය හැකිය.