2016- 2018 “පුනරුදය”කඩිනම් තුන් අවුරුදු ජාතික පරිසර වැඩසටහනේ පළමු පරිසර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 17 වැනි දින පෙ.ව.9.00 සිට රත්නපුර නගර සභාව අභියස සීවලී ක්‍රිඩාංගණයේදි පැවැත්වේ.

පාසල් ළමුන්,විදුහල්පතිවරුන්,පරිසර ශිෂ්‍යභට කණ්ඩායම්,ග්‍රාම නිලධාරීන්,දිවිනැගුම නිලධාරීන්,මාධ්‍යවේදීන්,පොලීසිය ඇතුළුව 2000 ට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් මෛ සමුළුව පැවැත්විමට නියමිතය. මෙදින පැල 3000 ට වැඩි ප්‍රමාණයක් සිටුවිමට කටයුතු යොදා ඇති අතර රත්නපුර නව නගර කලාපයේ මග දෙපස පැල සිටුවිමද මෙහිදී සිදු කෙරේ.

මේ යටතේ වතු ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ 8-10 ක් ප්‍රමාණයක් සංරක්ෂණය සඳහා වැඩසටහන් දියත් කිරීමට නියමිතය. මැණික් පතල් වලින් වන හානිය වලකාලීම,පස් කෑපීමෙන් හා ගල් කැඩීමෙන් වන පරිසර හානිය අවම කිරිම ,සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින කළු ගඟ අපවිත්‍රවීම වලක්වාලීම පිළිබඳ වැඩසටහන්,ශ්‍රි පලාබද්දල ශ්‍රි පාද මාර්ගයේ ස්ථීර වැසිකිලි පද්ධතීන් ඉදිකිරීම, කළු ගං ඉවුරේ උණ කුඹුක් ශාඛ රෝපණය,පාසල් සඳහා කසල බඳුන් ලබා දීම,‍දිස්ත්‍රික්කයේ පොලීස් ස්ථානවල පැල සිටුවිම,ඇහැලියගොඩ රෝහල් පරිශ්‍රයේ මනා පරිසර සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියා කල වෛද්‍ය නිලධාරී තුමන්ට සහ බලංගොඩ මහ නගහ සභාවට උපහාර පිරිනැමීම ආදී විවිධ වැඩසටහන්ද මේ අතර වේ.

මෙයට සමගාමීව ශ්‍රි පලාබද්දල ශ්‍රි පාද මාර්ගයේ පොලිතින් භාවිතය නැති කිරිම සඳහා ජනතාව දැනුවත් කරලීමට පරිසර හා ස්වේච්ජා සංවිධානවල සහභාගීත්වයෙන් තෙදින පරිසර වැඩසටහනක්ද සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් පරිසර වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කිරිමට නියමිතය.