ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2015 වර්ෂයට හා 2015 සිව්වැනි කාර්තුවට අදාළව ගණනය කරන ලද ජාතික ගිණුම් ඇස්තමේන්තුව ප්‍රකාශයට පත් කෙරේ.
මෙම ඇස්තමේන්තුවට අනුව 2015 වර්ෂය සදහා ශ්‍රි ලංකාවේ මුළු දළ දේශිය නිෂ්පාදිතය ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 11,183,220 කි.මෙය 2014 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදනයවු රුපියල් මිලියන 8,228 ,986 ට සාපේක්ෂව ආර්ථික වර්ධන වේගය 4.9 % ක වර්ධනයක් පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධය අමාත්‍යංශයේ පැවති මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය. රට තුල සිදු කරන සමීක්ෂණ හා සංගණන මගින්ද වෙනත් බැංකු හා ආයතන මගින් පවත්වා ගෙන යනු ලබන පරිපාලන වාර්තා වලින් ලබා ගන්නා සංඛ්‍යා ආශ්රයෙන් මෙම වාර්තාව සකස් වේ.මෙහිදී ආයතන 250 කින් තොරතුරු රැස් කර ගන්නා බවද සතරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු සතරසිංහ මහතා, මෙම වසර තුලදී ශ්‍රම බල සමීක්ෂණය, ආදායම් හා වියදම් සමීක්ෂණය, ළමා ක්‍රියාකාරකම් පිළිබද සමීක්ෂණය හා ප්‍රජා විද්‍යා හා සෞඛ්‍ය යන ක්ෂේත්රයන් යටතේ ගෘහ ආශ්රිත සමීක්ෂණ 4 ක්
සිදු කරන බවද ඒ සදහා නවීන තාක්ෂණය උපයෝගී කර ගන්නා බවද පැවසීය .
මේ සදහා නිවාස 25,000 බැගින් තෝරා ගෙන ඇති බවත් මේ වන විට මෙම සමීක්ෂණය සදහා නිලධාරීන් ගෙන් ගෙට යමින් සිටින බැවින් මෙම සමීක්ෂණය සාර්ථක කර ගැනීම සදහා ඔවුන්ට සහාය ලබා දෙන ලෙසද සතරසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.