දකුණේ මාධ්‍ය සහෝදරත්වය හා උතුරේ මාධ්‍ය සහෝදරත්වය එකට යා කරන ”සංහිඳියාවේ චාරිකාව” පාර්ලිමේන්තු  ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2016 මාර්තු මස 26, 27 යන දෙදින පුරා යාපනයේ දී පැවැත්වේ.


මෙම සංචාරයේ දී උතුරේ මාධ්‍ය ආයතන නැරඹීම, ජීව්ත අහිමි වූ මාධ්‍යවේදීන්ගේ පවුල් හමුවීම, මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටළු පිලිබඳව ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ අවධානය යොමුකිරීම, මාධ්‍යවේදීන්ට සහන ණය පදනම මත යතුරුපැදි ප‍්‍රදානය කිරීම, ජීවිත අහිමි වූ මාධ්‍යවේදී පවුල් තුනකට  නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම, ජනමාධ්‍ය වැඩමුළු හා සහතිකපත් බෙදාදීම, සහ සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.