යුද්ධයෙන් අවතැන් වූ උතුරේ මාධ්‍යවේදීන් උදෙසා සහන සැලසීමේ අරමුණින් ලේක්හවුස් ආයතනය මගින් නිවසක් ඉදිකර දීමේ මංගල පියවර ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) යාපනයේ කොඩිකාමන් ප්‍රදේශයේ දී ආරම්භ කෙරිණි.
සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් ඉදිකෙරෙන මෙම නිවස යාපනය, තිනකුරල් පුවත්පතේ මාධ්‍යවේදී මදිවානන් මහතාට පරිත්‍යාග කෙරේ.
නිවසේ බිත්ති බැඳීමේ මුල්ගල ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සුරතින් තැබීම සිදුකෙරුණු අතර, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, අමාත්‍යංශ ලේකම් වජිර නාරංපනාව මහත්වරු ද ඊට එක්විය. යාපනය කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචි මදිවානන්ගේ බිරිඳ 2009 මැයි මස 16වන දින වෙල්ලමුල්ල වයික්කාල්හි දී ප්‍රහාරයකට ලක්ව ආබාධිත තත්ත්වකට පත්වූ තැනැත්තියෙකි.
මෙම මාධ්‍යවේදී මදිවානන් මහතාට පාසල් වයසේ දරුවකු ද වේ. බිත්ති බැඳීමේ මුල්ගල තැබූ අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් තවත් මාධ්‍යවේදීන් දෙදෙනකුට නිවාස ඉදිකර දෙන බවය. තල්පතයි පංහිඳයි එකට යා කෙරෙන සංහිඳියාවේ චාරිකාව මල්ඵල ගන්වමින් මෙම මුල්ගල තැබීම සිදු කෙරිණි.
නිවාස ඉදිකර දෙන මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්, කාර්ය මණ්ඩලය යුහුසුළුව මෙම නිවාස ඉදිකර දෙන බව ද ඇමැතිවරයා මදිමාදන් මාධ්‍යවේදියාට දන්වා තිබේ.