ගුවන් විදුලි සංනිවේදන කලාවේ මුල් ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ශ්‍රාවකයන් බිහිකරන්නට සමත් වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව පසුව වසර 90ක් ගෙවුනු තැන එහි තීව්රරත්වයට පත්වෙමින් මීට වසර 49 කට පෙර ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාව නමින් පණත්ගතවීය. මේ වන විට ගෙවුනු වසර 49 තුලදී ශ්‍රී ලංකේය ගුවන් විදුලි ශ්‍රාවකයන් වෙත විවිධ අංශ ඔස්සේ රසවින්දනය, දැනුම හා පුවත් ලගාකරමින් ලබාගත් පන්ණරය තුලින් ජනතා හදවත් තුල රැදුනු ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාව එතැනින් ඔබ්බට විසිරෙමින් සමාජ සත්කාරයන් කරා ගමන් කිරීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාව නමින් නාමය සංස්ථාගතවී වසර 49ක් පිරීම හේතුවෙන් මේ වන විට මෙරට රොහල් කිහිපයක් අලුත්වැඩියා කිරීම සහ රෝගීන්ගේ අවශ්‍යතාවය මත එම රෝහල් වෙත උපකරණ බෙදාදීමට පියවර ගෙන තිබේ. මෙහි එක් සමාජ සත්කාරයක් ඊයේ ( 01 දා) කොළඹ ජාතික වෘක්කවේද කාන්දුපෙරීම සහ බද්ධකිරීමේ ආයතනය වෙත සිදුකිරීමට ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාව පියවර ගන්නා ලදී. ඒ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.
2009 වසරේ පිහිටුවා ඇති ජාතික වෘක්කවේද කාන්දුපෙරීම සහ බද්ධකිරීමේ ආයතනය ප්‍රථමයෙන් සිදුකලේ රුධිර කාන්දුකරණය පමණි. ඒ වෙනුවෙන් රුධිර කාන්දුකරණ ඒකකයක් පිහිටුවා තිබුනු අතර එහි කලක සිට අලුත්වැඩියාවක් සිදුකොට නැත. ඊට අමතරව දිනපතා රෝගීන් වෙත සේවය සලසමින් සිදුකරන කාර්ය්යයේදී රෝහල වෙත ඇතැම් උපකරණ හා මෙවලම් වල අඩුපාඩුව හොදින්ම දැණුනු බැවින් මෙම අවශ්‍යතා හදුනාගත් ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවේ පාලන අධිකාරිය ඇතුලු නිළධාරීන් එම සියල්ල පරිත්‍යාග කිරීමට පියවර ගන්නා ලදී. රෝහලේ රුධිර කාන්දුපෙරන ඒකකය අලුත්වැඩියා කිරීම, ශීතකරණ, බෙහෙත් වර්ග, බෙහෙත් ප්‍රවාහන ට්‍රොලි, කාර්යාල උපකරණ, ප්ලාස්ටික් උපකරණ, ලිපිද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ මෙහිදී පරිත්‍යාග කිරීම සිදුකල අතර එම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවේ සංස්ථාවේ සභාපති නීතීඥ නන්ද මුරුත්තෙට්ටුව, අධ්යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, නියෝජ්‍ය අධ්යක්ෂ (වැඩසටහන්) මයුරී අබේසිංහ ඇතුලු නිළධාරීහු සහභාගී වූහ.
ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ සුරතින් මෙම උපකරණ භාරගැනීමේ අවස්ථාව සදහා ජාතික වෘක්කවේද කාන්දුපෙරීම සහ බද්ධකිරීමේ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය පියල් රත්නායක ඇතුලු වෛද්‍ය වරුන් සහ හෙද නිළධාරීන් මෙන්ම රෝහල් සේවක සේවිකාවන්ද එක්වූහ.මෙහිදී ඇමතිවරයා මෙම ආයතනයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීමට හා රෝහල් කාර්ය්ය මණ්ඩලය සමග සුහද කතා බහක නිරතවීමට ද අමතක කලේ නැත.