විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම සඳහා ස්වාධීන ජනමාධ්‍ය නියාමන අධිකාරියක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
ඒ සඳහා ක්ෂේත්රයේ ප්‍රවීණයන් හා විද්වතුන් සමග යම් මුලපිරීමක් සිදුකර ඇති බව පරණවිතාන මහතා කියා සිටියේ ඊයේ (04)කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ "නූතන මාධ්‍යවේදියා හමුවේ පවතින අභියෝග" යන මැයෙන් පැවති මාධ්‍ය කතිකාවට එක්වෙමිනි.
මුද්‍රිත මාධ්‍ය නියාමනයට යම් ක්‍රමවේදයක් තිබුණද ඒවායේ පවත්නා අඩුලුහුඬුකම් සකස් කර ගැනීම කෙරෙහිද අවධානය යොමුවී ඇති බවත්,එය මාධ්‍ය කතිකාවක් තුළින් සිදුවිය යුත්තක් මිස ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් සකස් කොට කැබිනට් අනුමැතිය ලබා බලහත්කාරයෙන් පටවන්නක් නොවිය යුතු බව ඔහු සඳහන් කළේය.
පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනමාධ්‍යයට ඕනෑම කටයුත්තක් සිදුකිරීමට අවස්ථාව තිබිය යුතු බවත්,ප්‍රේක්ෂාගාරය විසින් තීන්දුව අරගත් යුතු බවට මතයක් පළවුණු බවත්,එය ඉතා පැරණි ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය නොහැකි මතයක් බවත්,එසේ වුවද එය පවා තවදුරටත් සාකච්ඡාවට බඳුන් කිරීමට කැමති බවත් නි.අමාත්‍යවරයා අවධාරණය කළේය.
මාධ්‍යවේදීන් දැලි පිහියෙන් කිරි කෑම මෙතනින් නොනවත්වා මෙම සංවාදය මින් ඉදිරියට ගමන් කළ යුතුව ඇති බවත්, සාමූහිකව ක්‍රියා මාර්ග තේරිය යුතුව ඇති බවත් නි.අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මාධ්‍යයේ සියලුම ප්‍රශ්න රජයට විසඳිය නොහැකි බවත්,රජයට විසඳිය හැක්කේ 10%-15% ප්‍රමාණයක් පමණක් බවත් පෙන්වා දුන් නි.අමාත්‍යවරයා රජයට කළ හැක්කේ යම් යම් නීති රීති සම්මත කරදෙමින් අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරදීම පමණක් බව අවධාරණය කළේය.