පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ එහි අනුබද්ධ ආයතන එක්ව සංවිධානය කරනු ලබන ඇසිදිසි බක්මහ උළෙල 2016 පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 26 (අඟහරුවාදා) දිනය පුරා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වේ.

උදා වු සිංහල දෙමළ අලූත් අවුරුද්ද නිමිත්තෙන් පැවැත්වෙන මෙම බක්මහ උළෙලට සාම්ප්‍රදායික මෙන්ම ජනප්‍රිය අවුරුදු ජනක්‍රීඩා 40ක් පමණ ඇතුළත් කර තිබේ. ඒ අතර ගම හරහා දිවීම, කාන්තා, පිරිමි කඹ ඇදීම, කනා මුට්ටි බිදීම, කොට්ටපොර තරගය, අලියාට ඇස තැබීම වැනි ක්‍රීඩාවන් විශේෂ වේ. ඔන්චිලි වාරම් වැනි අපේකම ප්‍රකට කරවන සංස්කෘතික අංගයන්ගෙන් යුත් ඇසිදිසි බක්මහ උළෙල අවසානයේ ඇසිදිසි කුමරා හා කුමරිය අභිශේක ගැන් වෙනු ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, සහ එහි අනුබද්ධ ආයතනයන්හි ආයතන ප්‍රධානීන්, කාර්ය මණ්ඩලය මෙන්ම කලාකරුවන් රැසක්ද සහභාගී වීමට නියමිතය.