ලෝක පරිමානව පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් විකල්ප බලශක්ති ප්‍රභවයක් උත්පාදනය කරගැනීම උදෙසා වන පැරිස් සම්මුතියට අත්සන් තැබීමේ ලෝක රාජ්‍ය නායක සමුළුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම් ශාලාවේදී අද (22) ආරම්භ වේ.

ඊට සමගාමීව තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳව ඉහළ මට්ටමේ තේමාත්මක සංවාදය ඊයේ පැවැත්විණි.

මෙම ලෝක රාජ්‍ය නායක සුමුළුව නියෝජනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වීමට නියමිතය.