පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් වරයා වශයෙන් නිතීඥ නිමල් බෝපගේ මහතා අද (25) දින නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන බෝපගේ මහතා වෘත්තියෙන් නීතිඥයෙක් මෙන්ම ගණකාධිකාරීවරයෙක් ලෙස කටයුතු කරනු ලබන  අතර නීතිය හා ගණකාධිකරණය පිළිබඳව ප්‍රකට දේශකයෙක් ද වේ.
රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ලෙසද කටයුතු කර තිබෙන බෝපගේ මහතා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා මානව සම්පත් සංවර්ධන සභාව යන ආයතනවල සභාපති ධූරය හොබවා ඇත. එමෙන්ම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ උප සභාපතිවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙක් වන බෝපගේ මහතා රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක තනතුරු කිහිපයක් හොබවා ඇති අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක උපදිසාපතිවරයෙක් ලෙස ද සේවය කර ඇත.