කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන වෘත්තියෙන් නිතීඥවරයෙක්, ගණකාධිකාරිවරයෙක් සහ නීතිය හා ගණකාධිකරණය පිළිබඳ ප්‍රකට දේශකයෙක් ද වන නිමල් බෝපගේ මහතා අද දින (25) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය.
පරිපාලන සේවයේ පළපුරුදු නිළධාරියෙක් වන බෝපගේ මහතා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම උප දිසාපතිවරයෙක් ලෙසද සේවය කර ඇත. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ උප සභාපතිවරයෙක් ලෙසද කටයුතු කර ඇති ඒ මහතා මානව සම්පත් සංවර්ධන සභාව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ලෙසද සේවය කර ඇති එතුමා ප්‍රකට දේශපාලන හා සමාජ ක්රියාකාරිකයෙකි.
නව ලේකම්වරයාගේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා ඇතුලු අමාත්‍යංශ නිලධාරීන්, ආරාධිතයන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම මාධ්‍යවේදීන් රැසක්ද එක්ව සිටියහ.