පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ එහි අනුබද්ධ ආයතන එක්ව සංවිධානය කරනු ලබන ඇසිදිසි බක්මහ උළෙල 2016 පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා සහ අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අප්‍රේල් මස 26 ) දිනය පුරා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්විය.

උදා වු සිංහල දෙමළ අලූත් අවුරුද්ද නිමිත්තෙන් පැවැති මෙම බක්මහ උළෙලට සාම්ප්‍රදායික මෙන්ම ජනප්‍රිය අවුරුදු ජනක්‍රීඩා 40ක් පමණ ඇතුළත් කර තිබේ. ඒ අතර ගම හරහා දිවීම, කාන්තා, පිරිමි කඹ ඇදීම, වසනා මුට්ටි බිඳීම, අලියාට ඇස තැබීම වැනි ආකර්ශනීය ඉසව් රැසක් ඇතුළත් විය. ඔන්චිලි වාරම් වැනි අපේකම ප්‍රකට කරවන සංස්කෘතික අංගයන්ගෙන් යුත් ඇසිදිසි බක්මහ උළෙල අවසානයේ ඇසිදිසි කුමරා හා කුමරිය අභිශේක ගැන්වීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, සහ එහි අනුබද්ධ ආයතනයන්හි ආයතන ප්‍රධානීන්, කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් .සහභාගී විය.