අද ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයයි. 1993 වසරේදී රැස් වූ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී මැයි 03 වන දින ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ලෙස නම් කරනු ලැබීය. ඒ 1991 වසරේදී රැස් වූ යුනෙස්කෝ සංවිධානයේ මහා සමුළුවේ 27 වන සැසිවාරයේ නිර්දේශ අනුවය. ජනමාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල වන බලපෑම් මත පදනම්ව ලෝක ජනමාධ්‍ය නිදහස මැනබැලීම සහ වෘත්තීය කටයුතු අතරතුරදී ජීවිතයෙන් සමුගත් ජනමාධ්‍යවේදීන් සිහිපත් කිරීම මෙම දිනය සැමරීමේ අරමුණ වේ.

අදට යෙදී තිබෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිති කරගිනිමින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබූ ජනමාධ්‍යවේදී සම්මන්ත්‍රණය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙ.ව. 9.30ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසිනි.
ජනමාධ්‍යවේදීන්ගේ, ජනමාධ්‍ය විෂය හදාරන විද්‍යාර්ථීන්ගේ , පාසල් සිසුන්ගේ සහ එම විෂයට ලැදියාවක් දක්වන වෘත්තිකයන්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීම මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණයි.