තොතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීම ළඟදීම සිදු කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
එම පනත ශ්‍රේෂ්ඨාධිකරණ තිණ්දුවෙන් තවදුරටත් ශක්තිමත් කර ඇති බවත් එම පනතේ අවධානයට ලක් කළ යුතු වගන්ති කිහිපයක යම් වචනවල වෙනසක් සිදු විය යුතු බව පෙන්වා දී තිබුණු බවද සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යතුමා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ඊයේ (04) සඳහන් කළ අතර, එම සුළු සංශෝධන කඩිනමින් සිදු කර කිරීමට නියමිත බව ද වැඩිදුරටත් පැවසීය.