ලෝකයේ රාජ්‍ය දුෂණ තුරන් කිරීම සඳහා එංගලන්තයේදී පැවැත්වෙන "දූෂණ මැඩලීමේ අන්තර්ජාතික සම්මුතිය 2016" සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට(11) ලන්ඩන් නුවර බලා පිටත්ව යයි. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතාගේ ප්‍රධානත්වයෙන් 12දා ආරම්භ කෙරෙන "දූෂණ මැඩලීමේ අන්තර්ජාතික සම්මුතිය 2016" සමුළුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇමතීමට නියමිතය. සමුළුව කොටස් දෙකකින් සමන්විත වන අතර සමුළුව අවසානයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙයි. අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රධාන ධූත පිරිස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. දෙදින බ්‍රිතාන්‍ය නිල සංචාරය නිමවා දෙදින ඉන්දියානු නිල සංචාරයකට එක්වන ජනාධිපතිවරයා ප්‍රධාන ධූත පිරිස 13 වැනි දින දිල්ලි අගනුවරට ළඟා වෙයි.
දෙරටට ඉතා වැදගත් මේ සංචාරයේදී පළමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්වරුන් අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙයි.
අනතුරුව මධ්‍ය ප්‍රදේශයේ ඉන්දෝහි පැවැත්වෙන කුම්බන්මේලා හින්දු ආගමික උත්සවයට ජනාධිපතිවරයා එක් වෙයි. සාංචි නුවර ස්ථාපිත අනගාරික ධර්මපාල පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වන ජනාධිපතිවරයා 14 වැනිදා මවුබිමට පැමිණීමට නියමිතය.