තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත සම්මත කර ගැනීමෙන් ප්‍රශස්ත ආණ්ඩුකරණයට, විවෘත සමාජයක් නිර්මාණය කිරීම මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට දායක වන ආකාරය පිළිබදව මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විය.

මාධ්‍ය ආයතන ප්‍රධානීහු, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වත්හු සහ අමාත්‍යංශ නිලධාරීහූද මෙම අවස්ථාවට එක්ව සිටියහ.