ජනමාධ්‍යවේදීන් සඳහා සහනදායි පදනම මත යතුරුපැදි බෙදා දීමේ වැඩසටහනේ නිල උත්සවය හෙට (13) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මැතිතුමා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම උත්සවයේදී ජනමාධ්‍යවේදීන් 100 දෙනෙකු වෙත සංකේතාත්මකව යතුරු පැදි ප්රදානය කිරීම සිදු වේ.
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය කටයුතු පහසුකරවීමේ අරමුණින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.