ජනමාධ්‍යවේදීන් සඳහා සහනදායි පදනම මත යතුරුපැදි ප්‍රදානය කිරීම අද (13) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මැතිතුමා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී පැවැත්විය.

මෙම උත්සවයේදී ජනමාධ්‍යවේදීන් 50 දෙනෙකු වෙත සංකේතාත්මකව යතුරු පැදි ප්‍රදානය කරනු ලැබීය. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය කටයුතු පහසුකරවීමේ අරමුණින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා ඇතුළු නිළධාරීහු රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.