ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව ක්‍රියාවට නංවනු ලබන ඉහත ව්‍යාපෘති සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2016.05.31 දින දක්වා දීර්ඝ කර තිබේ.
දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ වයස අවුරුදු 18 - 55ත් අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන්ට මෙම ව්‍යාපෘති සඳහා අයදුම් කළ හැකිය. තවද සියලූම අයදුම්කරුවන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත ලබා තිබිය යුතුය.
මේ පිළිබඳ වැඩි විස්තර 0112513645, 0112513459 සහ 0112513460 ඇමතීමෙන් සහ ආදර්ශ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.