කොරියාවේ ඉන්ච්කොන් නගරයේ දී ලබන සතියේ ආරම්භ වන ″ලෝක තොරතුරු සන්නිවේදන විකාශන ඇමතිවරුන්ගේ සම්මේලනයට“ සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා මෙම මස 22 වන ඉරු දින කොරියා බලා පිටත් විය. ”අනාගත සංවර්දනය සඳහා විකාශනයන්ගේ දායකත්වය“ යන තේමාව යටතේ පැවෙත්වෙන මෙම සම්මේලනයට ආසියානු ආයෝජන බැංකුවේ සාමාජික රටවල් 26ක විෂය භාර ඇමතිවරු සහභාගී වෙති.