වෙසක් උත්සවය නිමිතිකොටගෙන බුද්ධගයා පුදබිමේ “බුද්ධාංජලී” වෙසක් වැඩසටහනට සමගාමිව පැවති බෝධිපූජා සහ ගිලන්පස පූජා පින්කම් මාලාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද එක් සිටියේය.
බුද්ධගයා පුදබිමේදී ලාංකීය බැතිමතුන් දහසකට අධික පිරිසකගේ සහ ඉන්දියාව ඇතුළු විවිධ රටවල බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් හා අකුරටියේ නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පසුගිය 20,21,22 දිනයන්හිදී “බුද්ධාංජලී” වෙසක් වැඩසටහන් පැවත්විය.