ලෝක බැංකුවේ ජේෂ්ඨ විශේෂඥයින් දෙදෙනෙකුවන වික්‍රම් චාන්ඩ් ​(Vikram Chand)​ සහ චාර්ල්ස් අන්ඩිලන්ඩ් ​(Charles Aundeland) පසුගිය 18 වනදා ​පාර්ලිමේන්තුවේ ​​ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන ​සංවිධායක කාර්යාලයේ ​​දී ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා හමු විය.

මෙහිදී තොරතුරු පනත සහ එහි ප්‍රගතිය පිළිබදව සහ ඒ වෙනුවෙන් රජය ගෙන ඇති පියවර ගැනද දෙපාර්ශවය විසින් සාකච්ඡා කරන ලදී. තවද තොරතුරු පනත පිලිබඳව දැනුවත් කිරීමේ වැඩමුලු සහ පුහුණු වැඩසටහන් සඳහා ලෝක බැංකු ආධාර ලබාදීමටද ලෝක බැංකුවේ නියෝජිතයින් මෙහිදී එකඟ විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මැතිතුමා සහ ජනාධිපති නීතිඥ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාද සහභාගිවිය.