ජාත්‍යයන්තර දුම් වැටි විරෝධී දිනයට සමගාමීව පවත්වනු ලබන දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහන යටතේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොඩි පැලඳවීම අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
“සිගරට් දුමෙන් නිදහස්” සැමට ජීවත් වීමට හිතකාමී පරිසරයක්” තේමාව යටතේ 20 වන වරටත් පැවැත්වෙන මෙම වැඩසටහන මැයි 31 වන දින සිට ජූනි 26 වෙනි දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
1996 වසරේ සිට ජාත්‍යයන්තර දුම්වැටි විරෝධී දිනයට සමගාමීව දුම්වැටි විරෝධී කොඩි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වැඩසටහනට තවදුරටත් ශක්තියක් සපයමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහන යටතේ ද වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.
මෙම අවස්ථාවට සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න, දිවිනැගුම අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ