ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නව නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා ඉක්මනින් අස්සන් තැබීමට දෙරටම පියවර ගනිමින් සිටියි.
මේ සඳහා ශ්‍රී ලංකා සිංගප්පූරු ව්‍යාපාර සංසදයේ සැසිය ඊයේ (01) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ රැස් වු අතර ප්‍රධාන ආරාධිතයා ලෙස උපායමාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා සහභාගී වුයේ ය. ශ්‍රී ලංකාවට සහ සිංගප්පූරුවට ජාත්‍යන්තරය පිළිගත් වෙළෙඳ, කර්මාන්ත, ආයෝජන, ආර්ථික ජයග්‍රහණ ළඟා කර ගැනීමට මේ නව ගිවිසුම මඟින් හැකිවන බව එහිදී ඇමැතිවරයා පැවසීය.