පසුගිය කාලයේ ජාත්‍යන්තරව හුදකලා රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණු බවත් යහපාලනය තුළ මේ වන විට ජාත්‍යන්තර පිළිගැනීමට පත් වී තිබෙන බවත් කැබිනට් සම ප්‍රකාශක, ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ලෝක බලවතුන්ගේ ජී 7 සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට ආරාධනා ලැබීම සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රොටරි සමාජ සමුළුවට ආරාධනා ලැබීම, සුවිශේෂි අවස්ථාව ලෙස පෙන්වා දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.