වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ප්‍රකට වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට ඊයේ (02) පෙරවරවේදී එල්ල වූ මැර ප්‍රහාරය රජය තරයේ හෙළා දකී. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ රටේ පවතින නිදහස් ජනමාධ්‍ය සංස්කෘතිය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට රජය ගැඹුරින් පෙනී සිටින බවයි.
මෙවැනි නිවට බියගුළු ක්‍රියා තුළින් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ නියම් සහ අනියම් ආකාරයේ ජනමාධ්‍ය මර්දනයට කිනම් ආකාරයකින් හෝ මතුවීමට ඉඩක් නොදෙන බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ. ඒ සමඟම නිදහස් මාධ්‍ය සම්ප්රදාය ගරු නොකරන දූෂිත බලවේග රටේ අහුමුළුවල තවමත් ක්‍රියාත්මක වන්නේය යන කාරණය රජය බැහැර කරන්නේ නැත.
ඒ අනුව වහාම මේ සිදුවීම පිළිබඳව සොයාබලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇත. එසේම ෆ්‍රෙඩී ගමගේ මහතාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ද රජය පොලීසියට දන්වා ඇති බවත් රජයේ ප්රවෘත්ති නිවේදනයේ සඳහන් වේ.