නීති විරෝධී ජාවාරම් සිදුකරමින් පරිසර විනාශයන් සිදු කරනවානම් ඒවා වැළැක්වීමට කි‍්‍රයාමාර්ග ගැනීම සියලූ මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ වගකීමක් බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කැපවන සියලූදෙනා වෙනුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස මෙන්ම රටේ ජනාධිපතිවරයා ලෙස තමා ඝෘජුව පෙනී සිටින බව ද ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අදට යෙදී ඇති ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් අද (05) පෙරවරුවේ මාතලේ එඞ්වඞ් කි‍්‍රඩාංගණයේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.

රට පුරා සිදුවන පරිසර විනාශය වළක්වා ගනිමින් පරිසරය රැුක ගැනීමට අලූතින් සිතා අලූත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ලෙස ද අදාළ සියලූ මැති ඇමතිවරුන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා පරිසරය පිළිබඳ වගකීම් ඉටු කිරීමේදී සෑමවිටම අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ද කියා සිටියේය.

පසුගිය දශක දෙක පුරා රට තුළ සිදුවූ පරිසර විනාශය පිළිබ`ද වගකීම අපගේ දේශපාලඥනයින්ගෙන් මෙන්ම රාජ්‍ය නිලධාරින්ගෙන් කොටසක් භාරගත යුතු බව පැවසූ ජනාධිපතිතුමා එය වළක්වා ගැනීමට නීතිය, බලය මෙන්ම වගකීම තිබියදී එසේ සිදු නොකිරීමේ ප‍්‍රතිවිපාක අද රටටම විඳිමට සිදුව ඇති බව ද කියා සිටියේය.

පරිසරය රැුක ගැනීමට මාධ්‍ය ආයතන මගින් සිදු කෙරෙන මෙහෙයද ප‍්‍රමාණවත් නොවන බව පැවසූ ජනාධිපතිතුමා ඒ පිළිබ`ද අලූත් හඩක් ඉදිරිපත් කිරීමට ජාතික පුවත්පත් ඇතු`ථ මාධ්‍ය ආයතන තුළින් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවද පෙන්වා දුන්නේය.

උතුරේ සිදුවූ වන විනාශය පිළිබ`ද පරිසර අමාත්‍යවරයා ලෙස තමාට චෝදනා එල්ල කළද පසුගිය රජය 2013 වසරේ ගත් දේශපාලන තීන්දුවක් හේතුවෙන් එවන් තත්ත්වයකට මුහුණදීමට සිදුවූ බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

වන සංරක්ෂණය සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප‍්‍රථම වරට ති‍්‍රවිධ හමුදාව යෙදවීමට රජය කටයුතු කළ බවද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙරට වනාන්තර සතියකට වරක් සමීක්ෂණය කිරීමට ගුවන් හමුදාවට භාර දී ඇති අතර, ගස්කපා බෝට්ටු මගින් ප‍්‍රවාහනය කිරීම පිළිබඳ සොයා බැලීම නාවික හමුදාව විසින් සිදු කරන අතර පරිසර විනාශයන් පිළිබඳ වැටලීම් සිදු කිරීමට යුධ හමුදාවට සහ පොලීසියට භාරදී තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

පරිසරය රැුක ගැනීම දේශපාලන පක්ෂයකට හෝ ආයතනයකට සීමා වූ වගකීමක් නොවන බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා පරිසරය රැුක ගැනීමේ යුතුකම සහ වගකීම නිසි ලෙස ඉටු කිරීම හෙට උපදින දරුවන් වෙනුවෙන් වූ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කිරීමක් වන බවද අවධාරණය කළේය.

ආගන්තුක ආක‍්‍රමණශීලි ජීවි විශේෂ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය, උපාය මාර්ග හා කි‍්‍රයාකාරි සැලැස්ම එළිදැක්වීම ද මෙහිදී සිදු කෙෙරිණි.

2016 ජගත් පරිසර දිනයට සමගාමීව පැවැත්වූ කථික තරගාවලියේ ජයග‍්‍රාකයින්ට ත්‍යාග ප‍්‍රදානයද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර සොබා ස`ගරාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද සිදු විය.

මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, තානාපතිවරුන් ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් ද, පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතු`ථ රාජ්‍ය නිළදාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.