​​චීන රජයත් ශී‍්‍ර ලංකාවත් අතර කි‍්‍රයාත්මක මාධ්‍යවේදී හුවමාරු වැඩසටහන පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

​Xinhua News Agency ආයතනයේ උප සභාපති​ Laxg Xinnan මහතා ඇතුළු නියෝජිත පිරිස පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා හමු වී එම වැඩසටහනේ ඉදිරි වැඩ පිළිවෙළ පිළිබදව සාකච්ඡා කළහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ​​නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාද එක්විය.