සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(06) දහවල් පැවැති විශේෂ සාකච්ඡාවකදී, කොස්ගම සාලාව කඳවුරු භූමිය අවට ප්‍රදේශයේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර නිවෙස් අතහැර ගිය පුද්ගලයන් යළි පදිංචි කරවීමටත් ඔවුන්ගේ කැඩී ගිය නිවාස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරදී අහිමි වූ වෙනත් දේපළ ලබාදීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුද හමුදාව සහ සෙසු සියලුම අමාත්‍යාංශ පළාත්සභා, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම්වරුද , ග්‍රාම නිලධාරීන් ඇතුළු සියලුම නියෝජිතයන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ වෙඩි ගබඩාවේ පෙරේදා පස්වරුවේ ඇති වූ පිපිරීමෙන් අනතුරුව ඉන් පීඩාවට පත් වූ ජනතාවට හා ප්‍රදේශවාසීන්ට අවශ්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් මහජන

නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් කැඳවා කරුණු විමසීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීමට මේ සාකච්ඡාව කැඳවා තිබුණි.

මීට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මැති ඇමැතිවරු සහ මහජන නියෝජත පිරිසක්ද, කොළඹ දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.