1979 අප්‍රේල් 14දා සිට මෙරට රූපවාහිනී කලාවේ නිමැවුම් කරුවා වු රූපවාහිනී මහගෙදර ලෙස විරුදාවළි ලත් ස්වාධීන රූපවාහිනී සේවය සිය 37 වැනි සංවත්සරය සමරමින් සිටි.
ඔවුන් විසින් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් පිංකම පසුගියදා ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේ දී සිදු කෙරුණි.
සිය සංවත්සරය වෙනුවෙන් සංවිධානය කල සර්ව රාත්‍රික පිරිත් පිංකම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, එම නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න
පරණවිතාන සහ එම අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා සහ එහි සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුලු කාර්ය මණ්ඩලය ද එක්වූහ.