ජල ගැල්මෙන් විපතටපත් පවුල්වල ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙන තෙක් ඔවුන්ට දියහැකි හැම සහනයක්ම ලබාදීම ආණ්ඩුවේ අරමුණ බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක
මහතා පැවසීය.
කැළණි ගඟේ ජල ගැලීම්වලින් පීඩාවටපත්වූ ජනතාව වෙනුවෙන් ජනාධිපති, අගමැති ප්රමුඛ රජය තවමත් විවිධ සහන සේවා කටයුතු සිදුකරන බවද ඊයේ (08) සේදවත්ත, ශ්‍රී සිද්ධාර්ථ මහා
විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පැවැති පාවහන් සහ නිළ ඇඳුම් වවුචර් බෙදා දීමේ උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා කීය.
ජලගැලීම්වලින් ආපදාවට පත්ව සිටින දරු දැරියන් 850 දෙනකුට නිළ ඇදුම් සඳහා වවුචර් සහ පාවහන් බෙදාදීමක් මෙදින සිදු කරන ලදි. බස්නාහිර පළාත සඳහා මේ කටයුත්ත සිදුකිරීම සඳහා
ලක්ෂ 80ක් වැයකිරීමට සිදුවෙනවා. අරණායකට සහ කෑගල්ලට මේ සහනය ලබාදීමට එකඟත්වය ලැබී තිබෙනවා. එසේම මේ අරමුදල මගින් ස්වයං රැකියා ලබාදීමේ කටයුත්තක්ද ආරම්භ
කිරීමට කටයුතු යොදා ඇත..
'සෙනෙහේ සියපත' රුපියල් මිලියන 50ක් මූලික වශයෙන් ගංවතුරින් විපතටපත් අය සඳහා ලබාදුන් අතර ඉදිරියේදී විපතටපත් ළමයින් වෙනුවෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමඟ
සමීපව කටයුතු කිරීමට නියමිතව ඇත. ඩයලොග් පාරිභෝගිකයන් විසින් මූලිකවම මිලියන 14.9ක් ප්රදානය කළ අතර එයට ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 35.9ක් එකතු කරන ලදි.
සෙනෙහසේ සියපත මගින් ඩයලොග් ආයතනය මිලියන 1.6ක් වටිනා වතුර පොම්ප 50ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දුන්නේය. තෙවන පියවර වශයෙන් ජල ගැල්මෙන්
විපතටපත් පාසල් 15ක් පුනරුත්ථාපනය කෙරේ.
'සෙනෙහේ සියපත' අරමුදල මගින් සිදුකරන ලද මේ ප්‍රජා සත්කාර වැඩසටහන මඟින් සිදුකරන පාවහන් ලබාදීම වෙනුවෙන් ඩයලොග් ආයතනය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, ලේක්හවුස්
ආයතනය, ජාතික රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දායකත්වය ලබාදී තිබුණි.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ඇතුළු දායකත්වය ලබාදුන් ආයතනවල ප්‍රභුවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.