වෘත්තීය පුහුණු පාඨමාලාවන් සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය වෙනස් කිරීමට මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා, ග්‍රාමීය සංවර්ධන හා කර්මාන්ත අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් පැවති වෘත්තීය පාඨමාලා නූතන ලෝකයට වඩාත් ගැලපෙන පරිදි වඩාත් විධිමත් කිරීමට සැළසුම් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ මගින් පිරිනමන සහතික පත්‍රයද ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා මට්ටමකින් නිකුත් කරන බවද පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදීය.
මෙම වැඩසටහන් මාලාවේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙතෙක් පැවති ලී වැඩ පුහුණූ ආයතනය ඉදි කිරීම් පුහුණු ආයතනය ලෙස පරිවර්තනය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා නිවසේ අත්තිවාරමේ සිට ගොඩනැගිල්ලක් ඉදි කොට අවසන් කිරීම දක්වා වූ සෑම පුහුණුවක්ම ඒ හරහා ලබා දීමට නියමිත බව පෙන්වා දෙන ලදී. වසර එකහාමාරකට වඩා වැඩි විධිමත් ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් මෙහිදී ලැබෙන අතර, ඒ තුළින් දෙස් විදෙස් රැකියා අවස්ථා රැසක් ලබා ගැනීමට පුහුණුවන්නන්ට පහසුවෙන් හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම ප්‍රධාන නියමු ව්‍යෘපෘතියට අමතරව තවත් ආයතන හතරක් ප්‍රතිව්‍යුහගත කිරීමට මේ වන විටත් සැළසුම් සකස් කොට ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම නියමු ව්‍යාපෘතිවල සාර්ථකත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී අනිකුත් සෑම පුහුණු ආයතනයක්ම මෙම වැඩසටහනට ඇතුලත් කිරීමට උත්සාහ දරන බවද පෙන්වා දෙන ලදී.