ඇමරිකානු ධවල මන්දිරයෙහි ඩිජිටල් ක්ෂණික ප්‍රතිචාර අංශයේ අධ්‍යක්ෂවරිය වන ටාන්යා සොමානාඩර් (Tanya Somanader) මහත්මිය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා අතර විශේෂ හමුවක් අද (13) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ තොරතුරු බෙදාහැරීම, සමාජ වෙබ් අඩවි වල ක්‍රියාකාරීත්වය සහ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව මෙහිදී සකච්ඡා කෙරිණ. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මහතා සහ අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා මෙන්ම ඇමරිකානු මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිළධාරී ජෝෂුආ ෂෙන් (Joshua Shen) , ඔමාර් රාජරත්නම් (Omar Rajarathnam) යන මහත්වරුද එක්ව සිටියහ.