පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ සුඩාන රජයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය හසාන් ඊ. ඉල් තාලිබ් (Dr. Hassan E. EI Talib) මහතා අතර
හමුවක් ​ජූනි මස​14දා​​ ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුවිණි. දෙරටෙහි මාධ්‍ය හැසිරීම, මාධ්‍ය භාවිතය හා මාධ්‍ය කෙරෙහි තාක්ෂණය යොදාගැනීම සිදුවන අයුරු මෙහිදී සාකඡ්චාවට ලක්වූ අතර එම අවස්ථාව සඳහා ​සුඩාන රජයේ කොන්සලර් අබ්දීල් රහමන් ඒ. සාදීල්ඩීන්(Abdel Rahaman A. Saadeldin), පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ​​ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ යන මත්වරුන් සහභාගී වුහ.