පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ජපාන රජයේ ජාත්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් මෝරි මහතා
අතර හමුවක් ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිදුවිණි. ජපාන සහ ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා පැවැත්වුණි.

ඊට අමතරව තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කිරීම පිළිබඳව දීර්ඝව කරුණු කතාබහට ලක්වූ අතර ඩිජිටල්කරණයට ලක්කිරීම, එමඟින් මාධ්‍ය ක්ෂේත්‍රයට ලබාගත හැකි ඉදිරි දියුණුව
සම්බන්ධව ද දෙපිරිස සාකච්ඡා කළහ.

එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ලේකම් නිමල් බෝපගේ යන මහත්වරු එක්වූහ.