පොසොන් පොහොය නිමිති කරගනිමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ නවලෝක විහරාධිපති පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමීන් වහන්සේගේ සහ පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ කාව්‍යමය ධර්ම දේශනය අද (17) දින පෙ.ව.10.00 ට අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීහූ මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.