ලේක්හවුස් ආදී කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් මත 1963 වර්ෂයේ ඇරැඹි මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පැවැත් වූයේ 54 වැනි වරටය.ඒ නිමිත්තෙන් පොසොන් පෝදා ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජා සත්කාරයේ සිව්වැනි දිනය වු අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි. 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක,එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතානකෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය,  කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර, ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සින්හා මහත්ම මහත්මීහු සහ ලේක්හවුස් සභාපති කාවන්තිස්ස රත්නායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි, මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහත්වරු එක්වූහ.