“ නැණ මිහිර ” ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලවේ 09 වන වැඩසටහන ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

පහ වසර ශිෂ්‍යත්ව සිසු දරුවන්ගේ විභාග කුසලතාව වර්ධනය කරමින් මැනවින් විභාගයට මුහුණදීමේ ශක්තිය වර්ධනය කිරීම අරමුණු කරමින් ජාතික රූපවාහිනිය මගින් මෙම වැඩ සටහන මෙහෙයවනු ලබයි.

ඒ සඳහා ප්‍රදේශයේ පාසල් රැසක පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මෙවර මුහුණදීමට අපේක්ෂාවෙන් පසුවන් සිසු දරුවන් විශාල ප්‍රමාණයක් එක්වූ අතර ඔවුන් වෙත අමාත්‍යවරයා අතින් සහභාගීත්ව සහතික ප්‍රදානය කිරීම සිදු කෙරිණි.