තොරතුරු දැනගැනීමට මේ රටේ ජනතාවට තිබෙන අයිතියක්.ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක්.කිසිම ආණ්ඩුවකට මින් පසු තොරතුරු හංගන්න බෑ යැයි ඊයේ (23) තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත මුලින් ම ඉදිරිපත් කළේ වසර 2003 දී.එදා හැම පක්ෂයක් ම පිළිගෙන තිබුණා මෙය සම්මත කරගත යුතුයි කියලා. 2004 සිට 2015 වනතුරු සම්මත වුනේ නෑ.අපි ඉල්ලිම් කළා. සිවිල් සමාජය ඉල්ලීම් කළා.මේ රටේ ජනතාවට තොරතුරු ලබාගැනීමේ අයිතිය 2004 සිට 2015 වන තුරු නැති කරලා තිබුණ.ඒ නිසයි අතිගරු ජනධිපතිතුමා සමඟ කතා කරලා, පක්ෂ ගණනාවක් සමඟ කතා කරලා, මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ.
21වන සතවර්ෂය වන විට පරමාධිපත්‍ය ඊට වඩා වෙනස් .මූලික අයිතිවාසිකම් තිබෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය තිබිය යුතුයි. අපිට දසකයට වඩා කල් ගියා. පාර්ලිමේන්තුවේ කළ යුතු වැඩ කල්ගියා.කාරකසභාවලින් විශාල වැඩකොටසක් කරන්න පුළුවන්.
කාරකසභා ක්‍රමය තොරතුරු දැනගැනීම අතින් අත යන්නේ. කාරක සභා ක්‍රමය, තොරතුරු නැත්නම් පාර්ලිමේන්තුවක් ගෙනි යන්න බෑ. තොරතුරු නොමැති නිසා පසුගිය වසර පහ, දහය තුළ සිදු වූ හානිය බලන්න. අපිට වුවමනා තොරතුරු තිබුණා නම්, බිලියන 20 අහිමි වීම ගැන සාකච්ඡා කරන්න තිබුණා. විශාල මුදලක් අපතේ ගිහින් තිබෙනවා. ගණුදෙණු ගණනාවක් තිබෙනවා. බිලියන 1300ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට සේවයට වෙනත් අංශවලට ණය වෙලා.දැන් තමයි කරුණු දැනගන්නේ තොරතුරු දැනගැනීමට ලබුණා නම් වෙනස් තත්ත්වයක් ඇති වෙන්න තිබුණා.
සමහර කරුණු දැනගත්තේ ආණ්ඩුව බාරගත්තාට පස්සේ.තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත නොකළේ,තොරතුරු දැනගැනීම වැළැක්වීමෙන් මේ රටේ දූෂණය වැඩි කරන්නයි.දැන් එය වෙනස් වෙනවා. කිසිම ආණ්ඩුවකට මින් පසු තොරතුරු හංගන්න බෑ. සාමාන්‍ය ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබෙනවා. ක්‍රියාත්මක කරන්න කාර්යාල 4000ක් ආරම්භ කරන්න අවශ්‍ය වෙනවා. නිලධාරින් 12,000ක් පුහුණු කරන්න තියෙනවා. වසරක් විතර යයි අවසන් කරන්න. තොරතුරු දැනගනීම අපේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමේ අයිතියක්. මෙතෙක් කල් නොතිබුණු විනිවිදභාවයක් ජාතික ආණ්ඩුවෙන් ආරම්භ කර තිබෙනවා. මෙයට සහයෝගය දෙන්න. මෙය සැමට සිදුවෙන වාසියක් යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.