තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ එකඟතාෙවන් ඒකමතිකව පාර්ලිමේන්තුවේදි සිකුරාදා (24) සම්මත විය.

තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය මාර්තු 24 වැනිදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක ඇමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ විවාදය ඊයේ සහ පෙරේදා දිනය පුරා පැවැත්විණ.

මීට පක්ෂව හා විපක්ෂව මන්ත්‍රිවරු අදහස් දැක්වූ අතර පනත් කෙටුම්පත සඳහා සංශෝධන 14ක් ඉදිරිපත් කෙරිණ.