හෙට දවසේ අපේ රටේ අනාගතය භාරගැනීමේ අපේක්ෂාවෙන් අධ්‍යපණ තරඟයෙහි නියැලෙන දරුවන්ට දිරි දීමක් වශයෙන් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව විසින් ජංගම අළෙවි මධ්‍යස්ථාන පිහිටුවීම ආරම්භකර තිබේ. එහි සමාරම්භය සනිටුහන් කරමින් ජනතාව වැඩිවශයෙන් එක්රැස්වන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නව ජංගම අළෙවි අංශයක් ජනතාව වෙත විවෘත කිරීම ඊයේ (27) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එමගින් පාසල් දරුදැරියන් සඳහා සියයට පනහක් දක්වා වට්ටම් වලට යටත් වන පරිදි අභ්‍යාස පොත් සහ අධ්‍යාපණ ප්‍රකාශන මිළදී ගැනීමට අවස්ථාව උදාවී තිබේ.
පෙ.ව. 07.00 සිට රාත්‍රී 07.00 දක්වා විවෘතව තබන මෙවැනි මධ්‍යස්ථාන ඉදිරියේදී රට පුරා සියලුම ප්‍රධාන දුම්රිය ස්ථාන වල විවෘත කිරීම මගින් පාසල් සිසුන් වෙත අතදීම සහ ඔවුන් දිරිමත් කිරීම රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙහි අපේක්ෂාව වී ඇත. මේවන විට සෞඛ්‍ය අමාත්‍යංශය, කරාපිටිය ශික්ෂණ රෝහල, මාවනැල්ල මහ රෝහල, කිරිඳිවැල මහා විදුහල, මරදාන දුම්රිය ස්ථානය යන තැන්හී විවෘතව ඇති ජංගම අළෙවි අංශ මගින් ජනතාව අඩු මිළට පොත් සහ ප්‍රකාශය මිළදී ගැනීමට ජනතාවට අවස්ථාව උදාවී තිබේ.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිනතාන, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙහි සභාපති රවී කලංසූරිය , දුම්රිය සාමාන්‍යධිකාරි බී. ඒ.පී ආරියරත්න, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරි අධ්යක්ෂ ඇතුළු විශාල පිරිසක් එක්වූහ.