අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල දළ දේශීය නිෂ්පාදනයෙන් 6% දක්වා පියවරෙන් පියවර වැඩි කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
යල්පැන ගිය අධ්‍යාපන ප්‍රතිපත්ති, සහ විෂයමාලා යාවත්කාලීන කිරිමට නව රජය යටතේ අදාළ පියවර ගනිමින් සිටින බවත්, විද්‍යා සහ ගණිත විෂය ධාරාවන්ගෙන් විශ්වවිද්‍යාල සඳහා සිසුන් වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරගැනීමට ඉදිරියේ දී පියවර බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා (28) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති ගණිත හා විද්‍යා විෂයන්හි විශිෂ්ට දස්කම් දැක්වූ, වයස අවුරුදු 13 ට අඩු 6, 7, 8 ශ්‍රේණිවල දරුවන්ගේ හැකියාවන් වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙන ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ විද්‍යා අංශයේ පදක්කම් හා සහතික ප්‍රදානයට එක්වෙමිනි.