මහජනතාවට ඉදිරි මාස 06 තුළ තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිලාභය ලබා දීමට ක්‍රියා කිරීම සියලූ නිලධාරීන්ගේ වගකීමක් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කරයි.
පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන්යන්හි ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සෑම මසකටම වරක් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙවැනි ප්‍රගති සමාලෝචන රැස්වීම පවත්වනු ලබයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පවසා සිටියේ තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ දී අමාත්‍යාංශ කාර්යභාරය පුළුල් වී තිබෙන බවයි. තොරතුරු නිලධාරීන් වශයෙන් 8,000 ක් පමණ වූ පිරිසක් පුහුණු කර රාජ්‍ය ආයතන 4,000 ක සේවය සඳහා යෙදවීමට සිදුවන බව සහ මෙහිදී ජනතාවගේ ආකල්ප මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්ප වර්ධනය කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීමේ වගකීම ද ජනමාධ්‍ය අමාත්‍යාංශයටම පැවරී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මට්ටමේ ජනමාධ්‍ය ඇකඩමියක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බැවින් එය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සොයා බලන ලෙස උපදෙස් දුන් ඇමතිවරයා ජනමාධ්‍යවේදීන් සඳහා වූ නිවාස සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු සහ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන හැඳුනුම්පත ලබා දීමේ ක්‍රමය විධිමත් කිරීම සඳහා සියලූ පාර්ශවයන්ගෙන් තොරතුරු සහ අදහස් ලබා ගෙන කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් අමරදේව අසපුවේ ඉදි කිරීමේ කටයුතු පිළිබඳ සොයා බලන ලෙසත් කරුණාතිලක මහතා මෙම රැස්වීමේ දී ආයතන ප්‍රධානීන්ට අවධාරණය කළේය.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී වසර 08 ක් අක්‍රීයව තිබූ සරසවි සම්මාන උළෙල පැවැත්වීමටත්, ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වන ‘‘ලංකා සවාරිය’’ පාපැදි තරගාවලිය පැවැත්වීමටත් කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය විය.
සෑම මසකට වරක්ම පවත්වන මෙම රැස්වීමේ දී සියලූ ආයතන ප්‍රධානීන් ඉදිරිපත් කරන තොරතුරු මාසික ඉලක්ක පත්‍රිකාවකට පමණක් සීමා නොකොට ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලේක් හවුස් ආයතනය, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, සැලසිනේ ආයතනය, රූපවාහිනි අභ්‍යාස ආයතනය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය, ලංකා පුවත් ආයතනය , ජාතික චිත්‍රපට සංස්ථාව ආදී වූ අනුබද්ධ ආයතන 12ක් නියෝජනය කරමින් ආයතන ප්‍රධානීහූ සහ නිළධාරිහූ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.