ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුභ සාධක සංගමයට ආධාර පිණිස සංවිධානය කල “ගීතාංජලී” සංගීත ප්‍රසංගය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බිෂෝල් විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විනි. මෙම ප්‍රසංගය සඳහා ප්‍රවීන ගායක හා සංගීතඥයින් වන සුනිල් එදිරිසිංහ, නීලා වික්‍රමසිංහ, අමරසිරි පීරිස් ඇතුලු සංගීත ක්ෂේත්‍රෙය් ප්‍රවීනයන් රැසක් එක්වූහ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුභ සාධක සංගමයට ආධාර පිණිස අලෙවිකල ලොතරැයි පත් හී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගැනීම සහ එම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග පිරිනැමීමද ඇමති ගයන්තගේ සුරතින් සිදුකිරීම ද මෙහිදී සිදුවීය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මහතා ද මෙම අවස්ථාවට එක්විය .