පසුගිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කොත්මලේ ප්‍රජා ගුවන් විදුලිය මාධ්‍ය පුහුණු පාසලක් බවට පත් කර " SLBC මාධ්‍ය ඇකඩමිය " නමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (15) කොත්මලේදී විවෘත වීමට නියමිතය.