යාපනය සරසවි භූමිය මේ වන විට සම්පූර්ණයෙන්ම සාමකාමී බවත් එහි සියලු අධ්‍යයන කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

රජයේ විශේෂ අමාත්‍ය නියෝජිත කණ්ඩාමක් සමඟ ඊයේ (19) යාපනය විශ්වවිද්‍යාල භූමියේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් හා අදාළ සියලු රජයේ නිලධාරීන් මෙන්ම ශිෂ්‍ය නියෝජිතයින්ද සහභාගි වූ සාකච්ඡාවකින් පසුව ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් යන අමාත්‍යවරුන්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.