ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලය මගින් කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් වෙනුවෙන් පවත්වනු ලබන පශ්චාත් ආපදා වාර්තාකරණය පිළිබදව වැඩමුළුව ජුලි 23 දින පෙරවරු 8.30 ට අඹන්පිටිය ග්‍රෑන්ඩ් රුලිදිය හෝටලයේදී පැවැත්වේ.
සංවාදශිලි මෙම මාධ්‍ය වැඩමුළුවේ දේශකයන් ලෙස ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධී නිතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා, ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ මහේන්ද්‍ර ජගත් මහතා සහ පුවත්පත් කොමසාරිස් (වැ.බ) නිරෝෂන් තඹවිට යන මහත්වරුන් සහභාගී වීමට වනු ඇත.
මෙම වැඩමුළුවෙහි සම්බන්ධිකරණ කටයුතු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයෙන් සිදු කෙරේ. කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් 80 ක් පමණ මෙම වැඩමුළුවට සහභාගී විමට නියමිතය.