මොරගහකන්ද කළුගඟ ප්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කෙරෙන ඓතිහාසික කටයුත්ත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) උදෑසන සුබ මොහොතින් සිදු කෙරේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මැති ඇමැතිවරු රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වෙති.
රජරට ගොවිබිම් හෙක්ටයාර අසූ එක් දහසකට දියවර සැපයෙන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ දැවැන්තයා වෙයි. අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, වව්නියාව, ත්‍රිකුණාමලය ගොවි පවුල්වලට සෙත සැලසෙන මෙම ව්‍යාපෘතියෙන් කෘෂි කර්මාන්තයට අමතරව සංවර්ධන කටයුතු රැසකට අවස්ථා උදා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම විෂය භාර ඇමැතිවරයාව සිටියදී 2007 ජනවාරි 25 මුල්ගල තැබූ මෙම දැවැන්ත ව්‍යාපෘතිය 2018 වසරේ යහපාලන ආණ්ඩුව යටතේ නිමාකිරීමට නියමිතයි. රුපියල් කෝටි දොළොස්දාහක වියදමින් ඉදිකෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය ලංකාවේ ඉදිකෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි.