රජරට ජනතාවගේ කදුළු කථාව නිමා කරන මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය තම සිහිනය වූ අතිගරු ජනාධිපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි. නොයෙකුත් අභියෝග සහ අමිහිරි අත්දැකීම් රැසක් හමුවේ වුවද අද එය ජය ගැනීමට හැකිවීම දෛවෝපගත සිදුවීමක් බව ද එතුමා කියා සිටියේය.
අතිගරු ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළුගඟ ප්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවයට ඊයේ (25) පෙරවරුවේ එක් වෙමිනි.
පසුගිය රජය මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ කටයුතු ප්‍රමාද කරමින් තමා සමඟ තිබූ ගැටලුවට රජ රට ජනතාවගෙන් පළිගත් බවද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා තමා ජනාධිපති ධූරයට පත්වීමත් සමග රජ රට අහිංසක ගොවි ජනතාවගේ බලාපොරොත්තු යළි පුබුදුවමින් මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කළ බව ද කියා සිටියේය.
ඊයේ පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මොරගහකන්ද- කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළුගඟ ප්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරිම ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කුමන අභියෝග පැමිණියද නව රජයේ වැඩපිළිවෙළ ආපසු නොහරවන බවයි.
කුමන අභියෝග හමුවේ වුව ද රටේ සංවර්ධනය සඳහා ඉදිරි පස් වසර තුළ කැපවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ගොවි ජනතාව ප්රමුඛ සමස්ත ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් හෙට උපදින දරුවන් වෙනුවෙන් වාසනාවන්ත සමෘද්ධිමත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.
මහා සංඝරත්නය ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක ඇතුළු මැති ඇමතිවරුන් ද, චීන තානාපතිවරයා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.