කැනේඩියානු විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා (Stephane Dion) නිල සංචාරයක් සඳහා අද (27) සවස දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. කැනේඩියානු විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වන්නේ වසර 13 කට පසුව වීම මෙම සංචාරයේ විශේෂත්වයකි.
මෙම සංචාරය අතරතුරදී දෙරට අතර සිදුවන පළමු ද්විපාර්ශ්වික සාකච්ඡාව 28 වනදා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වේ. එදිනම ඒ මහතා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාද හමුවීමට නියමිතය.
ජුලි 29 වනදාට නියමිත යාපනයේ සංචාරයෙන් කැනේඩියානු විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමා වේ.